Prepare the rice field for cultivation without chemical fertilizers
බිම් සකස් කිරීම
වී වගාව සඳහා බිම පිළියෙල කිරීමේදී පහත දක්වා ඇති අරමුණු ඉටුකර ගැනීමට බලාපොරොත්තු වේ.
-
කාබනික ද්‍රව්‍ය දිරාපත්වීම
-
සාර්ථක වල් පැලෑටි මර්දනය
-
කාබනික හා අකාබනික පොහොර පසට මිශ්‍රවීම
-
හොඳින් මුල් වර්ධනය සඳහා අවශ්‍ය තරම් ගැඹුරකට පස සකස් කිරීම
-
වගාව ආරම්භ කිරීම සඳහා සුදුසු ආකාරයට පස මතුපිට සියුම්ව සකසා ගැනීම
-
ජල පාලනය සාර්ථකව ඉටුකර ගැනීම
මඩට බිම් සකස් කිරීම (තෙත් ආකාරයට)
මඩට බිම් සැකසීමේදී පහතින් දක්වා ඇති ක්‍රියාමාර්ග අනුගමනය කිරීම යෝග්‍ය වේ.
පළමු සී සෑම(බිං නැගුම, පුරන් හීය)
පළමු සී සෑමේදී අඟල් 8 - 10 (සෙ. මී. 20 - 25) ක් පමණ ගැඹුරට පස බුරුල්වන සේ සී සෑම කළයුතුය. සිංහල ගැමි නගුල, යකඩ නගුල, මෝල්බොඩ් නගුල, තැටි නගුල මේ සඳහා භාවිතා කළහැකිය. උදළු මගින් ලියදි කෙටීමද (තාල් කෙටීම) ඉතා යෝග්‍යය. මේ අන්දමට සී සෑමෙන්, පොළොව යටින් ඇති තද ස්ථරය කැඩී යටි පස් මතු පිට පස සමග මිශ්‍රවීම නිසා පසේ සාරවත් භාවය වැඩි දියුණු වේ. පළමු සී සෑම සමග හෝ ඉන්පසුව කාබනික පොහොර ලෙස පිදුරු සහ කොළ පොහොර (වනාතේ කොළ අතු හෝ පිටතින් ගෙනා කොළ පොහොර) යෙදීම සිදුකළ යුතුවේ. මෙමගින් වී වගාවේ අස්වනු සැලකියයුතු මට්ටමකට වැඩිකර ගත හැකිය.
දෙවන සී සෑම (මද හීය - මඩ හීය)
පළමු සී සෑම සිදුකර දින 10 - 14 කට පසු සිංහල ගැමි නගුල මගින් හෝ රොටවේටරය මගින් හෝ කොකු නගුල භාවිතාකර දෙවන සී සෑම හරස් අතට සිදු කරන්න. දිරාපත් වු කාබනික පොහොර (දිරාපත් වු පිදුරු, ගොම පොහොර, කොම්පෝස්ට් පොහොර, කොළ පොහොර වෙනත් සත්ත්ව අපද්‍රව්‍ය) දෙහීයෙන් පසු කුඹුරට යෙදීම වඩාත් යෝග්‍ය වේ.
ගොම පොහොර, කුකුල් පොහොර, කොම්පෝස්ට් හෝ දිරාපත් වු වෙනත් කාබනික පොහොර දෙවන සී සෑමෙන් පසු කුඹුරට දමන්න.
නියර බැදීම (මඩ තබා ඔප මට්ටම් කිරීම)
පළමු සී සෑමෙන් පසු ලියදිවල මුළු, උදැල්ලෙන් කොටා නියර බැදීම සිදුකල යුතුවේ. දෙවන සී සෑමෙන් පසු නියර මඩ තබාගැනීම යෝග්‍ය වේ. මේ මගින් ලියදිවල ජලය රඳවා තබාගැනීම හොඳින් සිදුවන අතර නියරවල වල් පැලෑටි පැලවීමද පාලනය කළ හැකිවේ.>
මඩ කිරීම හා මට්ටම් කිරීම (පෝරුගෑම)
පෝරු ගෑමේදී ලියදිවල හී කැට හොඳින් පොඩිවන සේත්, ගොඩැලි මට්ටම්වන සේත් පස හොඳින් මඩ කරගත යුතුවේ. ලියදි මඩ කිරීමෙන් පසු මතුපිට ඒකාකාරීව මට්ටම්වන ලෙස හොඳින් සමතලා කරන්න.
පෝරු ගෑමෙන් පසු ලියදිවල ජලය රැස්කර තබන්න. අවශ්‍ය වුවහොත් ගොවි පෝරුව භාවිතයෙන් මතුපිට සමතලා කිරීම තවදුරටත් සිදුකළ හැක. වී වැපරීමේදී සහ ඩැපොග් තවාන් පැල සිටුවීමේදී මෙලෙස මනාලෙස පස මට්ටම් කිරීම අතිශයින් වැදගත්ය.
ලියදිවල අධික ලෙස වල්පැල තිබේ නම් පළමු සී සෑමට ප්‍රථම රසායනික වල්නාශක භාවිතා කළ හැකිය.
නමුත් දෙකන්නයම වගාවෙන කුඹුරු සඳහා මෙලෙස රසායනික වල් නාශක යෙදීමේ විශේෂ අවශ්‍යතාවයක් උද්ගත නොවේ.
වියලි බිම් සකස් කිරීම (ගොඩට සී සෑම)
වගා කන්නයේ පළමු වැසි වී ගොවිතැනට යොදා ගැනීමේ පරමාර්ථය මත සැහැල්ලු පස් ඇති (වැලි සහිත) කුඹුරුවල වියළි බිම් සැකසීම සිදු කළ හැකිය. ඉන්පසු කැකුලන් ක්‍රමයට වැපිරීම හෝ හොඳින් ජලය තිබේනම් මඩට වැපිරීම වුවද කළහැකිය.
කුඹුර හොඳින් සමතලා කළවිට ඒකාකාරීව ජලය බැඳීම පහසුවන අතර එමගින් වල් පැලෑටි පාලනයද පහසුවේ. රසායනික පොහොර ඒකාකාරීව කුඹුරේ විසුරුවා හැරීමටද එය උපකාරිවේ.
පිදුරු යෙදීම
බිම් සකස් කිරීමට පෙර පසුගිය කන්නයේ පිදුරු ලියදිවලට යෙදීම පසේ සාරවත්භාවය දියුණු කළ හැකි පහසුම ක්‍රමයකි. පිදුරු යෙදීම ඵලදායි ලෙස වී වගාවේ අස්වනු වැඩි කිරීම සඳහා නිර්දේශ කළ හැකි පිළිවෙතකි.
බිම් සකස් කිරීමට පෙර පිදුරු කුඹුරට යොදා දිරාපත්වීමට ඉඩ හරින්න. පළමු සී සෑමෙන් පසු එම පිදුරු ලියදි පුරා විසුරුවා හැර ජලය බැඳ, දෙවැනි සී සෑම පහසුවන පරිදි පිදුරු දිරාපත් වීමට ඉඩහරින්න.
පිදුරු යෙදීමේදී වෙනත් වී වර්ග මිශ්‍රවීමට ඇති ප්‍රවනතාවය වැඩිවන නිසා මේ ගැන සැලකිලිමත් විය යුතුය. පෙර කන්නයේ වගාකල වී වර්ගය මෙම කන්නයේ වගා කිරීමට බලාපොරොත්තුවන වී වර්ගයට වඩා වෙනස් නම් හෝ එම පිදුරුවල ඇති බීජ ප්‍රරෝහණයවීමට ප්‍රමාණවත් කාලයක් ලබාදී එම පැල පසට යටකර විනාශ කිරීමෙන් පසුව නව වගාව ආරම්භ කළ යුතුය.
අක්කර 1ක පිදුරු කුඹුරට යෙදීම සඳහා කම්කරු ඒකක දෙකක් පමණ අවශ්‍ය වේ. ග්ලිරිසීඩියා ( වැටමාර/ලාඩප්ප/ගිනිසීරියා ), කතුරුමුරුංගා කොල,වල් සූරිය කාන්ත කොල,කැප්පෙට්ය කොල වලින් හොඳ නයිට්‍රජ්න් ප්‍රමානයක් පොලවට ලබා දිය හැකි බැවින් පිදුරු සමග යෙදීම ද යෝග්‍යවේ.
වී වගාවට පොහොර යෙදීම
- වෙනත් නොදිරූ කාබනික පොහොර මෙන් නොව , කොම්පෝස්ට් හොඳින් දිරාපත් වී ඇති නිසා වී වගාව සිදුකරන දිනයේදී පවා බිම් සකස් කිරීමට ප්‍රථම ලියද්දට යෙදිය හැකිය.
- සාරවත් පසක් නොවන හෝ වැලි සහිත කුඹුරකට කොම්පෝස්ට් පොහොර අක්කරයට
- ගොම පොහොර ටොන් 1.6 ක් පමණ යෙදීම ප්‍රමාණවත් වේ.
- කුකුලු පොහොරනම් ටොන් 0.8 ක් පමණ යෙදීම ප්‍රමාණවත් වේ.
- සාරවත් පසක් නොවන හෝ වැලි සහිත කුඹුරකට කොම්පෝස්ට් පොහොර අක්කරයට ටොන් 2 ක් පමණ යෙදිය හැකිය.
- කොම්පෝස්ට් පොහොර යොදා හොදින් පසට කලවම් වන සේ පස සකස් කරන්න.
- කාබනික පොහොර පමණක් යොදා සිදුකරන කාබනික වී වගාවේදී නම් , කොම්පෝස්ට් මතුපිට පොහොර ලෙස පවා යෙදිය හැකිය.
අවස්තාව | පොහොර යොදන අකාරය | ප්‍රමානය හෙක්ටයාරයට | විද්‍යාත්මක පැහැදිලි කිරීම | |
---|---|---|---|---|
මූලික | පොස්පර්ස් මගින් සුපෝශිත් කොම්පොස්ට් | 125KG | 50 | බීජ තුල මුල් හට ගැනීම |
බීජ වපුරා සති දෙකට පසු | පෙප්ටයිඩ් දියර පොහොර සුපෝෂිත කොම්පෝස්ට් | 01kg 125kg | .04 50 | පැල සඳහා අව්ශ්‍ය නයිටජන් සැපයීම |
බීජ සිටුවා සති 4කට පසු | KCL පොටෑසියම් ක්ලෝරයිඩ් පෙප්ටයිඩ් දියර පොහොර නයිට්‍රජන් සුපෝෂිත කොම්පොස්ට් | 25kg 04kg 250kg | 10 1.6 100 | පැල සීඝ්‍ර වර්ධනය සඳහා උප්කාරී වේ |
බීජ ස්තාපනය කර සති 6කට පසු | KCL පෙප්ටයිඩ් දියර පොහොර නයිට්‍රජන් සුපෝෂිත කොම්පොස්ට් | 35kg 04kg | 14 1.6 | පුෂ්ප මූලාකෘතිය ඇතිවීම සඳහා |
බීජ සතාපනය කර සති 8කින් | පෙප්ටයිඩ් දියර පොහොර | 1kg | 0.4 | පත්‍ර වර්දනය අඩාලවන අවස්තාවල අවශ්‍ය නයිට්‍රජන් ලබාදීම |
Written by-- Sanjaya Gunasiriposted by Community Support @ October 09, 2021 0 Comments
0 Comments:
Post a Comment
Subscribe to Post Comments [Atom]
<< Home